Monday, May 1, 2017

වරෙන් අපේ හඬ නැගුමට පෙරට වරෙන්..........






ගිනියම් කිරණ වියරුව ලේ පාට ඉරෙන්
දඟකම් දමා දෙරණම දෙදරාවි වැරෙන්
මැරකම් පිරුණු උන්ගේ උණ්ඩයක බරෙන්
මනුදම් පිරී වැළලුණු හිත් නැගිට වරෙන්

මැවෙන දහඩියේ අගයක් නැද්ද කියන්
වැටෙන කඳුළුවල ගින්දර බලා නොයන්
ගැටෙන දුගී හිත් ගැන හිතුවාද කියන්
දැවෙන ගැටළුවට පිළියම් අපිට දියන්

මැයි මහ උදා වෙන්නේදෝ උන්ට පෙමින්
මැයි සැමරුමත් සින්නයිදෝ උන්ගේ නමින්
කොයි කොයි පාට ආවද කම්කරුවො නමින්
කොයි දේ වුණාදෝ රටකට වැඩක් වෙමින්

වරෙන් මිනිසුනේ කැති පොලු අරන් වරෙන්
ඉරෙන් මව් බිමෙන් වීරිය අරන් වරෙන්
වැරෙන් මුන්ගෙ ගෙල මිරිකන්නටම වරෙන්
වරෙන් අපේ හඬ නැගුමට පෙරට වරෙන්..........

52 comments:

  1. නියමයි දුමී... ඇයි ඔයාගේ මේ පෝස්ට් බ්ලොග් වසන්තය එෆ්බී පේජ් එකේ ශෙයා නොකරන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ. මීට කළින් පෝස්ට් එකයි මේකයි වසන්තෙට දාල තියෙන්නේ.

      ජයවේවා!!!

      Delete
  2. Replies
    1. කොයි උතුමත් මිනිස්සුන්ගෙ වටා බඳියි වැට
      අයිතිය ඉල්ලා කම්කරු කඩා දමයි වැට....
      ස්තූතියි ඉයන්.

      ජයවේවා!!!

      Delete
  3. මැයි දිනයට කවි. මරු

    ReplyDelete
    Replies
    1. කම්කරු කවි...
      ස්තූතියි ඉවාන්.

      ජයවේවා!!!

      Delete
  4. අපූඍයි දුමී.. මැයි දිනේට සුදුසුම පද පෙළ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණී.

      ජයවේවා!!!

      Delete
  5. දුමී, නියමයි බොලේ හෙහ්,හෙහ්,

    කවි අසිපත ඔබේ ලෙළදී නැඟීයන්,
    XXX XXXX XXX XXXX XXXXXXX,
    XXX XXXX XXX XXXX XXXXXXX,
    XXX XXXX XXX XXXX XXXXXXX,

    ඉතුරු පද තුනට මොකක් හරි මතක් උනහම දන්නං හොඳද? උඹට පුලුවන්නම් ඌණ පූරණය කරපං ( ආය පුලුවන්ද කියලත් අහනව නැද්ද?)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවී.

      කවි අසිපත ඔබේ ලෙළදී නැඟීයන්
      කවි සංකල්පනා දළුලා වැඩීයන්
      කවියට හිතැති බ්ලොග්වරු තව රැඳීයන්
      කවිය වැරදිනම් මට ගුටි වැදීයන්....

      ඌණ පූර්ණය කෙරුවා. හරිද මන්දා.

      ජයවේවා!!!

      Delete
  6. Replies
    1. ස්තූතියි මිතිල.

      ජයවේවා!!!

      Delete
  7. Replies
    1. ස්තූතියි ප්‍රා ජේ.

      ජයවේවා!!!

      Delete
  8. උදේට නිවස වෙත බස්රිය එවාපන්
    දවල්ට රයිස් එක දොළහට එවාපන්
    කාලක් බාගයක් හවසට එවාපන්
    කම්කරු අයිති හීනෙන් මට කියාපන්

    ReplyDelete
    Replies
    1. යන එන සැපය ගැන නිති සිහි කරන තුරූ
      කන දේ ගැනම සිහිකර කෙල හලන තුරූ
      බොන දේ නිසා මතකය නැතිවෙනා තුරූ
      දැන ගෙන කුමට අයිතිය රැවටෙනා තුරූ....

      හොඳ උත්සාහයක් තරිඳු. සතුටුයි.

      ජයවේවා!!!

      Delete
    2. කාලක් දෙන එකත් දැන්නම් මහ වැඩක්ය
      බැදපු බතත් එක්ත් දැන් මහ වැඩක්ය
      මේ කොයි වැඩේටත් කාසිය උතුම්ය
      කම්කරුවෝ හැමදාමත් හරක්ය.

      Delete
  9. "මැයි මහ උදා වෙන්නේදෝ උන්ට පෙමින්
    මැයි සැමරුමත් සින්නයිදෝ උන්ගේ නමින්"කොච්චර උනත් මිනිස්සු මේක තේරුම් ගන්නැති එක තමයි අවුල.

    ReplyDelete
    Replies
    1. ආයුබෝවේවා කියලා බක්කරේව පිළිගන්නවා "දුමී" ට.
      ඒකම තමයි මටත් තියෙන ගැටළුව.
      මෙහි ආවටත් ප්‍රතිචාරෙටත් ස්තූතියි බක්කරේ.

      ජයවේවා!!!

      Delete
    2. බක්කෙර් තේරුම් ගත්තැයි.. සතුටුයි නේ......අැරියනේ....අමරු නෑනේ...

      Delete
  10. මැයි දිනයක් කොහෙද තිබ්බෙ අයියෙ මේ අපේ රටේ??..නෑනෑ එහෙම එකක් තිබ්බෙ නෑ..මැයි දිනේ කියන්නෙත් දැන් පුස්සක් දේසපාලුවන්ගේ මගඩි වලට යට උන..

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මාත් කියන්නේ.
      ස්තූතියි ඔබට.

      ජයවේවා!!!

      Delete
    2. හික් හික් හුක්.....................

      Delete
  11. සමාවෙන්න උඩ ඉන්න ඇනෝ වන මං වැහිබිඳුය..

    ReplyDelete
    Replies
    1. මට නිකමට හිතුණා වැහිබිඳුද කියළා. මම හරි එහෙනම්. ස්තූතියි නංගි. ඒත් ඇයි ඇනෝ වෙලා?

      ජයවේවා!!!

      Delete
  12. පිය රජ තුමාගෙ උදහසට ලක් වෙලා සියලු බැඳීම් කපා හැරිය අයියෙ හරිම සෝචනීය ලෙස..විබාගේ අවසන් වන තුරු බ්ලොග් කිරීම තහනම්ය..ඒත් කියවන්න අවසර දුන්නා..පස්සෙ ලියනව ඔක්කොම අල්ලලා..හී හී

    ReplyDelete
    Replies
    1. මරු අාතල් හොද වැඩෙ.................

      Delete
    2. අධ්‍යාපනයට මුල් තැන දිය යුතුය. පියරජතුමාගේ තීරණය නිවැරදිය. විභාගයෙන් පසු දූ කුමරිගේ බ්ලොග් ලිපි කියවීමට බලා හිඳිමි.

      ජයවේවා!!!

      Delete
  13. මේ මං වැහිබිඳු����

    ReplyDelete
  14. මැයි දිනය කාගෙද?
    සැමරුවේ කවුරුද?
    බලය පෙන්නුවෙ කවුරුද?
    දුමී උඹ අපි කවුරු වෙම්මුද?

    හම්බුනේ කාලයි
    බෙදාගෙන බීිවේ එ්කයි
    මොලේ නැති ගානයි
    කම්කරුව හැම දාම මෝඩයි......


    ReplyDelete
    Replies
    1. ගැටළු තව එමටයි
      සිහින දුර ඈතයි
      රැවටිලිත් එමටයි
      එහෙත් කම්කරු පිරිස නිහඬයි...

      නැවේ කප්පිත්තාගෙ පළමු පැමිණීම නේද මේ. ආයුබෝවේවා

      ජයවේවා!!!

      Delete
  15. වැඩ කරන අම්මල තාත්තල පව් නේද දුමී...
    අගේ ඇති කවි පෙලක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ටෙක් මලේ.
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  16. අපූරුයි...
    කම්කරුවන්ගෙ වේදනාව හොඳට දැනෙන කවියක්

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉශානි.
      යවහන් දෝෂයත් හරිනේ.

      ජයවේවා!!!

      Delete
    2. ඇත්තටම පලවෙනි කමෙන්ටුවෙ කොටන්න හිටපු දෙයක්
      යවහන් දෝෂයත් හරි
      පද ගැලපුමත් විශිෂ්ඨයි
      ඉදිරියටම යමු

      ජයවේවා!!!

      Delete
    3. ඇත්තට ඒ ගැන කියා දුන්නට මම ඇතුළු බොහෝ දෙනෙක්ගේ ස්තූතිය ඉශානිට හිමිවෙනවා.

      ජයවේවා!!!

      Delete
  17. නියම කවි පෙලක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  18. අදත් ඇවිත් ගියෝ...................

    ReplyDelete
    Replies
    1. සතුටුයි. සතුටුයි. මමත් ඒ පැත්තට ගිහින් ආවේ.

      ජයවේවා!!!

      Delete
  19. එක කවියක
    මාත්‍රාවක
    කෙළවර
    දෑකැති
    මුවහත ඇති
    ඇලපිලි හා එක්ව
    කම්කරු(වා)
    විරුවෙක් කළ
    දුමී ඔබ ද විරුවෙකිය .....

    කියන්න වචන නැ දුමී . ගොඩක් දවසකින් මං කවි පිපාසාවෙන් ගොඩ උනේ මේ පැත්තට , පිපාසය සංසිදෙන බව තක්කෙටම දැනගෙන .
    ස්තුතී දුමී නිකම්ම කවියෙක් නොවී මිනිස්සුන්ට හිතන්න ඉඩ හදනවට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එරන්දී.
      මේ දිරිගැන්වීම් වටිනවා බොහෝම.

      ජයවේවා!!!

      Delete
  20. සරණක් අවශ්ෂ්‍ය සැබෑ කම්කරුවා එදත් වැඩ බන් මොකද එහෙම නොවුනොත් උන් පස්සෙන්දට බඩගින්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් බන්. අනේ මන්දා කවදා විසදෙයිද මේවා.

      ජයවේවා!!!

      Delete
  21. ජෑ මා කාලී....... නැවතත් කරලියේ...

    ReplyDelete
    Replies
    1. හෑ... ඒ කියන්නේ ගින්නෙන් පිරි අනාගතයක්දැ ? හිහ්...

      ජයවේවා!!!

      Delete
  22. කවි ටික නම් පට්ට...
    ඒත් ඇත්තටම
    කම්කරු දිනයෙන් ප්‍රයෝජනයක් තියෙනවාද කියන එකයි ප්‍රශ්නය...
    හෙහේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතුරංග.
      ආයුබෝවේවා කියලා පිළිගන්නවා.
      ප්‍රයෝජනයක් තියෙනවා,, ඒත් කම්කරුවන්ට නෙමෙයි පාලකයින්ට.

      ජයවේවා!!!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ගොඩක් ස්තූතියි මල්ලී. සතුටක් මේ පැත්තට ආවාට. තවත් කවියෙක්නේ.
      ඇයි කමෙන්ට් එක මැකුවෙ.

      ජයවේවා!!!

      Delete