Sunday, April 23, 2017

ආල පිබිදෙන අපේ දෙසිතම එක හිතක්වන දින ළඟයි..........

ඈත අහසක විසිරි සළු තිර පැළඳ හැඩ වැඩ වූ සඳයි
සීත නැහැවෙන මීදුමෙන් නිති වෙළී දැවටෙන මදනලයි
පාත දුම්බර නිම්නයක හිඳ පිපී හිනැහුණු නුඹෙ රුවයි
දෑත සිපගෙන තුරුළුවී සිටි සිහින මතකෙට එන රැයයි

හුදෙකලා වුණු ජීවිතේ රුව වර්ණ තවරපු සඳ නුඹයි
පියවෙලා නෙතු කඳුළු මිණිකැට තාම අඳුරෙන් මග සොයයි
නැහැවිලා පෙම උණුහුමේ සුව උහුලගන්නට බැරි හැඩයි
ළංවෙලා විඳි හුරතලේ රස සොයා ඉගිලෙන මගෙ නෙතයි

කෝල සිනහව රැඳෙන දෙතොලක වර්ණයට ප්‍රිය මගෙ නෙතයි
සේල දියමත කිමිදි කිමිදී රඟනයුරු දකිනට හිතයි
නීල ජලයක දැණෙන සිසිලක ළඟ හිඳින්නට හිත දුවයි
ආල පිබිදෙන අපේ දෙසිතම එක හිතක්වන දින ළඟයි..........

41 comments:

  1. අපූරුයි දුමී මේක මට දැනෙන්නෙ අර ඔයා කලින් ලියපු හිඳ අසළ පෙම ස්වරය ගළපමු වින්ඳ සෙනෙහස මට මදී කියන කවියෙම කොටසක් වගේ.බලමු මට ඒකටත් පිලිතුරු කවියක් වගේ එකක් ලියන්න පුලුවන්ද කියලා.

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඔව් ඔව්. සඳූ හරී. ඒකේ කොටසක් කියළා තමයි මේකත් ලිව්වේ.
      නිවාඩු වෙලාවක පුළුවන් වුණොත් කවියක් ලියන්න.
      ස්තූතියි සඳූ....

      ජයවේවා!!!

      Delete
  2. එක් වෙලා අවුරුදු දෙකක්ගිය තැනදි මේවා අමතකයි
    මොකට බැන්දද මේ කෝච්චිය කියල හිතෙනව සත්තමයි
    කෝල සිනහව ඊට පස්සේ දෙන්නෙ පාරේ යන ළමයි
    ගලක් බැඳගෙන ගඟේ පනිනෙක සැපක් කියලා බොට හිතෙයි

    ReplyDelete
    Replies
    1. ඉයන්...
      අහෝ කල්යල් බලා රැකගත් පෙම් කුසුම හොඳ නැති හැඩයි
      බොහෝ සිතුවත් කෝච්චිය මට හිතෙන්නේ බැඳ ගන්නමයි
      සහෝදර මා ඉයන් සගයිනි මගේ හිතට දැන් හරි දුකයි
      අහෝ මා දැන් කුමක් කරමිද කියනු මම හරි අසරණයි......

      පිළිතුරු ලස්සන කවියට ස්තූතියි ඉයන්.

      ජයවේවා!!!


      Delete
    2. රෝමෝ..
      මරු කිව්වේ නොබැඳ ඉඳීමද නැත්තන් ගඟට පැනීමද? ....හැක්.

      Delete
    3. පට්ට රිප්ලයි එක

      Delete
    4. පැත්ත ගියත් ඇත්ත කියන්න එපැයි ... මටත් වෙලාවකට "මං එයා ගේ husband " ගේ මූණ දැක්කා ම ඉයන් අයියා ගේ කතාව ඇත්ත කියලා හිතෙනවනෙ....

      Delete
  3. එදා දිදුලන වර්න තවරපු සඳමත දැන් ආවාට මහ ගොඩයි
    එදා සුරකුමරිය අදකනතු හේනක ඉන්නා වැදිරියක් හැඩයි
    නෙතට අසුවන මනස මනන්මත් කරන පොෂ් කෑලිද ගොඩයි
    මොකට බැන්දාද හිතෙන්නේ දැන් නොබැද හිටපංන් දුමියෝ ඒක සැපයි

    ReplyDelete
    Replies
    1. වින්ඳ හින්දම කාපු කටු ගැන අසංගත් උපදෙස් කියයි
      නින්ද නැතුවම හිතා බැලුවත් ඇත්ත වැටහෙන් නැති හැඩයි
      බැන්ඳ නුඹ හා ඉයන්ගේ උපදේසෙ පිළිගන්නට හිතයි
      ලන්ද මත එන ඇය දකිද්දී උඹේ බණ මට අමතකයි......

      අසංග. සතුටුයි කවි පිළිතුරක් දුන්නාට. පද ටිකක් එහෙ මෙහෙ වුණානම් සුපිරියි. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
    2. ස්තූතියි දුම්යෝ. ඔෆිස් එකේ වැඩ අස්සේ හොරෙන් ලිව්වේ බං.

      Delete
    3. හොරෙන් කරන වැඩ රහයි කියනවාලු නේද ?

      ජයවේවා!!!

      Delete
  4. උඹෙ කවි ගැන ආයෙ මොකට කියනවද බන්...ඉස්තරම්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෝමෝ. කවි මේ තරම් හැඩවෙන්න උඹේ අදහසුත් උදව්වක්.

      ජයවේවා!!!

      Delete
  5. බොහොම සුන්දරයි දුමී......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විසිරී.

      ජයවේවා!!!

      Delete
  6. Replies
    1. ස්තූතියි මිතිල.

      ජයවේවා!!!

      Delete
  7. Replies
    1. ස්තූතියි සුමුදු.

      ජයවේවා!!!

      Delete
  8. අයියෙ "හැඩ" කියන වචනෙ වැරදියට නේද ටයිප් වෙලා තියෙන්නෙ?..ඒක හදන්න..
    ඔයාගෙ කවි ගැන මොනව කියන්නද අයියෙ..අර අසල හිඳ පෙම් ස්වරය ගලපමු කවියෙ පද මට නිකන් ඉද්දිත් කියවෙනව..//පාත දුම්බර නිම්නයක හිඳ පිපී හිනැහුණු නුඹෙ රුවයි//..මේ ටික තමයි ආසම

    ReplyDelete
    Replies
    1. ඔන්න "හැඩ" හැදුවා නංගී. ඇත්තටම ගොඩාක් ස්තූතියි ඒ අඩුපාඩුව පෙන්වා දුන්නාට. ඔය දිරි ගැන්වීම් මට වටිනවා.
      මගේ කවියක් තවත් කෙනෙක්ට මතකයක් වෙනවනම් ඒක මට සතුටක් වැහිබිඳු. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  9. ඈත දුරකට යනෙන සිතුවිලි තෙරක් නැති වග මට සිතෙයි
    සීත උඳුවප් මහට කලියෙන් කරකාරෙ පතනා හැඩයි
    දෑත දංවැල් ගොඩක පැටලෙන දඟ ගෙයම සොය සොය දුවයි
    පාත දුම්බර නැගනියගෙ සිත දුමිය ගන්නා දින ලඟයි

    ReplyDelete
    Replies
    1. ඈත ඈතට පියඹලා දුර සතුටකින් සිත සැනසෙනා
      සීත උඳුවප් මහට අතැඟිලි බඳින්නටමයි කල්පනා
      මෑත දඟගෙය වැනිය මගුලත් ඉශානී හිත පාරනා
      පාත දුම්බර නැගණියට බෑ කියන්නට මේ කාරණා ......

      අද කවි පිළිතුරු පිරිලා හරිම සතුටුයි. ස්තූතියි ඉශානී.

      ජයවේවා!!!

      Delete
  10. උඹේ කවි පට්ට ලස්සනයි බන්.
    හොඳම ඒවා සිලෙක්ට් කරලා කවි පොතක් ගහමු !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුකා. කවි පොතක් කරන්න කියලා දුකා වගේම බ්ලොග් සහෝදර සහෝදරියන් කීප දෙනෙක්ම කිව්වා. ඉස්සරහට බලමු ඒ ගැන. කවි තිබ්බට මුදල් පැත්තත් හිතන්න ඕනෙනේ, දුකා.

      ජයවේවා!!!

      Delete
  11. කවි ටිකනම් අපූරුයි දුමී...
    එහෙනම් ඉතින් ඒකත් ජයසිරි මංගලම්:D


    ජයවේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණී.
      මංගලම් ජය මංගලම්.

      ජයවේවා!!!

      Delete
  12. Replies
    1. නැතුව නැතුව...
      ඇති යන්තන් කලුසුදුවෙන් හරි පේන්න ඇවිත්....:)

      ජයවේවා!!!

      Delete
  13. Replies
    1. බොහොම ස්තූතියි තරිඳු.

      ජයවේවා!!!

      Delete
  14. ලස්සන කවියකි
    සිතට ආ සිහිනයකි
    සිත් තු‍ටු කල හැකි
    දූමී ඔබ ජගතෙකි

    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. රොබෝ හැදුමට සමතෙකී
      දක්ෂ වූ ටෙක් සයුරකී
      ආ නිසා මට සතුටකී
      දෙන්නෙ තුතිමල් පොකුරකී.......

      ජයවේවා!!!

      Delete
  15. ලස්සන කවි ගෙත්තමක්
    හැම හදවත් ඇමතුමක්
    දුමී ගෙ හිත නැවතුමක්
    සොයා ඇදෙයි සැනසුමක්

    කවිය හරිම ලස්සනයි දුමී. මම කාලෙකින් ආවෙ. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. කටකාරී යළි වරක්
      මෙහි ඇවිදින් දී කවක්
      මට විය සන්තෝෂයක්
      දෙන්නෙමි තුති මල් මිටක්....

      ස්තූතියි කටකාරී, ආවාටත් ලස්සන කවි පිළිතුරටත්.

      ජයවේවා!!!

      Delete
  16. //ආල පිබිදෙන අපේ දෙසිතම එක හිතක්වන දින ළඟයි//

    ඔන්න එහෙනං අපෙන් කලින්ම සුබ පැතුම් දුමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්.
      ඒ හිත් දෙකට මම කියන්නම්. :)

      ජයවේවා!!!

      Delete
  17. හරි වැඩේනේ......කොමෙන්ටුවක් දාන්න පරක්කු වුණානේ....😇අායෙ බොරුවට රවුම් කරන්න දෙයක් නෑ....වෙනදා වගේම හරිම වචන හරිම තැන්වල......ලස්සනම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලොක්කියේ.

      ජයවේවා!!!

      Delete